යාල වනෝද්‍යානයේ නීති විරෝධී ඡායාරූපකරණයක් පිළිබඳ විමර්ශනයක් ඉල්ලයි

යාල, කුමන සහ ලුණුගම්වෙහෙර ජාතික වනෝද්‍යාන තුළ අවසරයකින් තොරව විදේශීය නිරූපිකාවන් යොදාගනිමින් වාණිජ ඡායාරූප ලබාගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට චෝදනා එල්ල වී තිබේ. ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ විසින් මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලා ඇත.​සෆාරි ජීප් රථ භාවිත කරමින් වනෝද්‍යාන තුළ මෙවැනි වාණිජමය වැඩසටහන් සංවිධානය කිරීමේ පැකේජයක් පෞද්ගලික සමාගමක් විසින් ප්‍රවර්ධනය කරන බවට තොරතුරු අනාවරණය වී තිබේ. සංචාරක වීසා මත පැමිණෙන විදේශිකයන් ලවා මෙරට වනෝද්‍යාන තුළ මෙවැනි නිරූපණ කටයුතු සිදුකිරීමට අදාළ නීතිමය අනුමැතියක් ඇත්ද යන්න ගැටලුසහගත බව ඇය පෙන්වා දෙයි.​වනජීවී නිලධාරීන්ගේ සහ සෆාරි රියදුරන්ගේද සහභාගීත්වයෙන් හෝ දැනුවත්භාවයකින් තොරව මෙවැනි ක්‍රියා සිදුකිරීමේ හැකියාවක් තිබේද යන්න සෙවිය යුතුය. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ සංචාරක සංවර්ධන අධිකාරිය ඇතුළු අංශ මීට මැදිහත් වී නීති උල්ලංඝනය වී ඇත්දැයි පරීක්ෂා කරන ලෙස ඇය ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,416

Leave A Reply

Your email address will not be published. Required fields are marked *