රුපියල් කෝටියක දේපළ සොරකම් කළ සැකකරුවෙක් දෙහිවලදී දැලේ

රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් දේපළ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 31 හැවිරිදි සැකකරුවෙකු ඊයේ (7) බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත. දෙහිවල, නිකපේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු විසින් යතුරුපැදි, ලැප්ටොප් පරිගණක, රූපවාහිනී යන්ත්‍ර ඇතුළු වටිනා භාණ්ඩ රැසක් සොරකම් කර ඇති බව අනාවරණය වී තිබේ. මහරගම, මිරිහාන, හොරණ, බම්බලපිටිය, කළුතර, මාලබේ, පානදුර, කොස්ගම සහ කොට්ටාව ඇතුළු පොලිස් වසම් කිහිපයක මෙම සොරකම් සිදුකර ඇති බව වැඩිදුර වාර්තා සඳහන් කරයි.

What's your reaction?

Related Posts

1 of 1,309

Leave A Reply

Your email address will not be published. Required fields are marked *