රුපියල් 50කට පිහි ඇනුමක්

රුපියල් පනහකට බහින් බස්වී පුද්ගලයකුට පිහියෙන් ඇන තුවාල සිදු කළ බව කියන අයකු දකුණු කළුතර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ පලාතොට, ගොඩපරගහහේනේ පදිංචිකරුවෙකුවූ කන්දෙපිල්ලේ යෝගනාදන් නම්වූ අයෙක්.

මෙම සිද්ධියෙන් පසු සැකකාර පාර්ශ්වයේ පිරිස රුපියල් දහදාහක් දී සිද්ධිය සමතයකට පත් කර ගැනීමට යෝජනා කර තිබූ බව පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගෙන තිබූ සැකකරු (20) කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

දකුණු කළුතර පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා

What's your reaction?

Related Posts

1 of 1,211

Leave A Reply

Your email address will not be published. Required fields are marked *