අඩු ආදායම්ලාභී ලොතරැයි අලෙවි සහායකවරුන්ගේ දූ දරුවන් වෙනුවෙන් අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්රදානය කිරීමේ ජාතික වැඩසටහන උතුරු මැද පළාතෙන් ආරම්භ කෙරිණි. කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේදී මෙම සමාරම්භක උත්සවය පැවැත්වුණු අතර, අමාත්‍ය සුසිල් රණසිංහ සහ ජනාධිපති අරමුදලේ ලේකම් මෙන්ම ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.දිවයිනේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි පාසල් පළමු ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලබන දරුවන් ඉලක්ක කර ගනිමින් මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක වේ. ලොතරැයි අලෙවියෙන් ජනාධිපති අරමුදලට ලැබෙන අඛණ්ඩ මූල්‍ය දායකත්වය අගයමින්, එම අලෙවිකරුවන්ගේ කැපකිරීමට කෘතගුණ සැලකීමක් ලෙස මෙම සුබසාධන පියවර ගෙන තිබේ.මෙහිදී අදහස් දැක්වූ කතානායකවරයා සඳහන් කළේ, වසර 50ක ඉතිහාසයක් ඇති ජනාධිපති අරමුදල සැබෑ ලෙසම මහජනතාවගේ අරමුදලක් බවට පත්වූයේ පසුගිය වසරේ සිට බවත්, අරමුදලට ලැබෙන සෑම රුපියලකම සැබෑ ප්‍රතිලාභය අද වන විට සැබෑ ලෙසම සහන අවශ්‍ය ජනතාවට හිමිවෙමින් පවතින බවත්ය.



























