ශාසනාරක්ෂක සංඝ සභාව සංවිධානය කරන මහා සංඝ සම්මේලනය අද කොළඹදී

ශාසනාරක්ෂක සංඝ සභාව විසින් සංවිධානය කරනු ලබන මහා සංඝ සම්මේලනය “සුඛා සංඝස්ස සාමග්ගී” යන තේමාව යටතේ අද (27) කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. වර්තමානයේ බුද්ධ ශාසනය හමුවේ මතුව ඇති විවිධ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම අරමුණු කරගනිමින් සංවිධානය වන මෙම සම්මේලනය, අද පස්වරු 2.00 ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ වේ. දිවයින පුරා සිටින භික්ෂූන් වහන්සේලා දහස් ගණනකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම හමුව මගින් සංඝ රත්නය අතර සමගිය තහවුරු කිරීමත්, බුද්ධ ශාසනය, රට මෙන්ම මෙරට ආගමික හා සංස්කෘතික උරුමයන් සුරක්ෂිත කර ඉදිරියට ගෙන යාමත් අපේක්ෂා කෙරේ. මෙම මහා සම්මේලනය අතරතුර බුද්ධ ශාසනයට බලපා ඇති ගැටලු විසඳීම උදෙසා යෝජනාවලියක් සම්මත කර ගැනීමට නියමිත අතර, එම යෝජනා ඉදිරි කටයුතු සඳහා අදාළ බලධාරීන් වෙත භාරදීමට නියමිත බව ශාසනාරක්ෂක සංඝ සභාවේ සම්බන්ධීකාරක පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ වැඩිදුරටත් සඳහන් කරති.

What's your reaction?

Related Posts

1 of 1,256

Leave A Reply

Your email address will not be published. Required fields are marked *