සිංහරාජ ලෝක උරුම වනාන්තරය තුළින් දුර්ලභ කෘමීන් සහ උරගයින් නීති විරෝධී ලෙස එකතු කරමින් සිටි කාන්තාවක් ඇතුළු චීන ජාතිකයින් සිව්දෙනෙකු වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. උඩවලව ජාතික උද්‍යානයේ පනහඩුව අඩවි ආරක්ෂක කාර්යාලයට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර තිබේ.සැකකරුවන් සන්තකයේ තිබී සත්ව විශේෂ 40කට ආසන්න සංඛ්‍යාවකට අයත් සතුන් 250කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන ඇත. මොවුන් මීට පෙරද ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.කලවාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි. සොයාගත් සතුන් හඳුනාගැනීම සඳහා ජාතික කෞතුකාගාරය වෙත යොමුකර පසුව පරිසරයට නිදහස් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.



























