මෝටර් රථ රියදුරු බලපත්‍ර ලබා ගැනීමේදී තැරැව්කරුවන්ට හසු නොවී සිටින ලෙස ජනතාවට දැඩි අවවාදයක්

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) තුෂාර ඉඳුනිල් ප්‍රනාන්දු මහතා මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරමින් කියා සිටින්නේ මුදල් ගෙවා තැරැව්කරුවන් හරහා රියදුරු බලපත්‍ර ලබා ගැනීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙසයි. මෙවැනි අවස්ථාවලදී ඇතැම් අය ව්‍යාජ රියදුරු බලපත්‍රවලට ගොදුරු වී ඇති බව ඔහු පෙන්වා දී තිබේ. නාරාහේන්පිට සහ වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිශ්‍ර වෙත තැරැව්කරුවන් ඇතුළුවීම වැළැක්වීම සඳහා පොලිසිය සමඟ එක්ව විශේෂ ඒකාබද්ධ වැඩපිළිවෙළක් මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවද කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 1,381

Leave A Reply

Your email address will not be published. Required fields are marked *