1990 සුවසැරිය සේවාවට නව ගිලන් රථ 100ක්

1990 සුවසැරිය ජාතික හදිසි ගිලන් රථ සේවාව තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් නව ගිලන් රථ 100ක් ලබාගැනීමට ඉන්දීය රජයේ මූල්‍ය ප්‍රදානයක් හිමිව තිබේ. මේ සඳහා දෙරට අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.​දිවයින පුරා සියලු දිස්ත්‍රික්ක ආවරණය කරමින් ක්‍රියාත්මක වන මෙම සේවාව මඟින් දිනකට විශාල රෝගීන් ප්‍රමාණයක් ප්‍රවාහනය කෙරේ. කෙසේ වෙතත්, වර්තමානයේ භාවිත වන ගිලන් රථවල නඩත්තු ගැටලු සහ කාර්මික දෝෂ වැඩිවීම හේතුවෙන් නව වාහන එකතු කරගැනීම කාලීන අවශ්‍යතාවක් වී තිබිණි.​සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම නව වෛද්‍ය පහසුකම් සහිත ගිලන් රථ තොගය ලබාගැනීමට නියමිතය. මෙමඟින් හදිසි අවස්ථාවලදී ජනතාවට ලබාදෙන සේවාවේ කාර්යක්ෂමතාව තවත් වැඩිදියුණු වනු ඇත.

What's your reaction?

Related Posts

1 of 1,416

Leave A Reply

Your email address will not be published. Required fields are marked *