අධික රථවාහන තදබදය සහ මාර්ග අවහිරතා පවතින නාගරික ප්‍රදේශවල රෝගීන් වෙත වඩාත් කඩිනමින් ළඟ වීමේ අරමුණින් නව යතුරුපැදි හදිසි ප්‍රතිකාර සේවාවක් ආරම්භ කිරීමට 1990 සුවසැරිය පදනම පියවර ගෙන තිබේ. සම්පූර්ණ ගිලන්රථයක් පැමිණීමට ප්‍රථම අදාළ ස්ථානයට ළඟා වී රෝගියාට අවශ්‍ය මූලික වෛද්‍ය පහසුකම් සහ ප්‍රථමාධාර ලබාදීම මෙම නව වැඩපිළිවෙළේ මුලික අපේක්ෂාවයි.මෙම ව්‍යාපෘතිය යටතේ අවශ්‍ය මූලික ඖෂධ සහ අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණවලින් සමන්විත විශේෂිත යතුරුපැදි යොදවන අතර, එම සේවාව සඳහා විශේෂ පුහුණුව ලැබූ නිපුණ වෛද්‍ය නිලධාරීන් පිරිසක් අනුයුක්ත කිරීමට නියමිතව ඇත.මෙම නවතම හදිසි ප්‍රතිකාර සේවාව කොළඹ ඇතුළු තෝරාගත් ප්‍රධාන නාගරික ප්‍රදේශ මුල් කරගනිමින්, නියමු ව්‍යාපෘතියක් ලෙස මේ වසර අවසන් වීමට පෙර ක්‍රියාත්මක කිරීමට නියමිතය.


























