ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දිවයින පුරා සංවර්ධන නිලධාරීන් අද (09) දිනයේ අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇත. එක්සත් සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ධම්මික මුණසිංහ මහතා සඳහන් කළේ, සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම බලධාරීන් දැනුවත් කළද ඒ සඳහා මෙතෙක් කිසිදු විසඳුමක් ලැබී නොමැති බවයි. ඊයේ (08) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් තහවුරු කළේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද දිනයේ ක්‍රියාත්මක වන බවයි.



























