මෙම වසර අවසන් වන විට රටේ විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 9ක සීමාව දක්වා ඉහළ නංවා ගැනීමට හැකි වනු ඇතැයි රජය දැඩි අපේක්ෂාවක පසුවෙයි. මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළේ, විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ ප්‍රමාණය මේ වන විට ඉහළ අගයක් ගන්නා බව පෙන්වා දෙමිනි.පසුගිය මාස හතක කාලය තුළ පමණක් විදෙස්ගත ශ්‍රී ලංකා ශ්‍රමිකයන් විසින් ඩොලර් බිලියන 5කට වඩා වැඩි මුදලක් මාතෘභූමියට එවා ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. 2028 අප්‍රේල් මාසයේදී රටට දැවැන්ත විදේශීය ණය ප්‍රමාණයක් ආපසු ගෙවීමට නියමිතව තිබුණද, එම මූල්‍ය අභියෝගය සාර්ථකව ජය ගැනීම සඳහා විදේශ විනිමය මූලාශ්‍ර පුළුල් කිරීමට සහ සෘජු විදේශ ආයෝජන (FDI) මෙරටට ආකර්ෂණය කර ගැනීමට රජය පුළුල් ක්‍රියාමාර්ග ගනිමින් සිටී.පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා මතු කළ පැනයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව කියා සිටියේය. ඒ අනුව, අපනයන ප්‍රවර්ධනය, ආයෝජන සහ විදෙස් ප්‍රේෂණ වැනි විවිධ මාර්ග ඔස්සේ රටට ඇදී එන ශුද්ධ විදේශ විනිමය ප්‍රමාණය තවදුරටත් වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් රජයේ විශේෂ අවධානය යොමු වී ඇත.



























