2027 පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ නිල චක්‍රලේඛය නිකුත් වෙයි

ළදරු පාසල් විය නිමවා 2027 වසරේදී රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ නිල මාර්ගෝපදේශ ඇතුළත් චක්‍රලේඛය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ වන විට ප්‍රසිද්ධියට පත් කර තිබේ. ඒ අනුව, මව්පියන්ට සහ භාරකරුවන්ට අවශ්‍ය අයදුම්පත් සහ උපදෙස් මාලාව මෙයට සමගාමීව ලබා ගැනීමට අවස්ථාව හිමිවේ.​අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරන්නේ මෙම ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය සඳහා වන අංක 25/2026 දරන චක්‍රලේඛය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk වෙත පිවිසීමෙන් ඕනෑම අයෙකුට පහසුවෙන් භාගත කරගත හැකි බවයි. නිවැරදිව අයදුම්පත් සම්පූර්ණ කිරීම සහ සුදුසුකම් සනාථ කිරීමට අදාළ සියලු විස්තර එහි පැහැදිලිව දක්වා ඇත.

What's your reaction?

Related Posts

1 of 1,205

Leave A Reply

Your email address will not be published. Required fields are marked *