2027 වසරේ සිට 2 සහ 6 ශ්‍රේණි සඳහා නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුළුල් වෙනස්කම් සිදුකිරීමේ අරමුණින්, නව ජාතික විෂය මාලා රාමුවට අනුව 2 සහ 6 ශ්‍රේණි සඳහා වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය 2027 වර්ෂයේදී ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. මීට පෙර ආරම්භ කෙරුණු 1 ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාමටද තීරණය කර ඇත.​ජාතික අධ්‍යාපන ආයතනය සහ අදාළ මෙහෙයුම් කමිටු මඟින් මනා ලෙස සමාලෝචනය කර සකස් කරන ලද මෙම නව විෂය මාලාවන් සඳහා අවශ්‍ය ගුරු මාර්ගෝපදේශ සහ ක්‍රියාකාරකම් පොත් මේ වන විටත් මුද්‍රණය කර සූදානම් කර ඇත. එසේම, ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහන් ද පළාත් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.​අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති අතර, පාසල් පද්ධතිය තුළ පවතින භෞතික සම්පත් මැනවින් කළමනාකරණය කර ගනිමින් මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අංශ අපේක්ෂා කරයි.

What's your reaction?

Related Posts

1 of 1,355

Leave A Reply

Your email address will not be published. Required fields are marked *