2027 වසරේදීත් පාසල් දරුවන්ට රු. 6000ක ලිපිද්‍රව්‍ය දීමනාවක්

2027 පාසල් වර්ෂය වෙනුවෙන් පාසල් දරුවන් ලක්ෂ 15 කට රුපියල් 6,000 බැගින් වූ ලිපිද්‍රව්‍ය දීමනාව ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. 2025 වසරේදී ආරම්භ කරන ලද මෙම වැඩසටහන ඉදිරියටත් පවත්වාගෙන යාමට ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත කරුණු දක්වා ඇත.​මේ යටතේ අස්වැසුම වැඩසටහනට අයත් පවුල්වල පාසල් දරුවන් ලක්ෂ 10 ක් වෙනුවෙන් අදාළ මුදල සෘජුවම ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු යොදා තිබේ.​ඊට අමතරව, අධ්‍යාපන අමාත්‍යාංශය මගින් හඳුනාගනු ලබන තවත් සිසුන් ලක්ෂ 5 ක් වෙනුවෙන් රුපියල් 6,000 ක් වටිනා වවුචර්පත් ලබාදීමට සැලසුම් කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,377

Leave A Reply

Your email address will not be published. Required fields are marked *