2027 අයවැය මගින් ලබාදුන් බදු සහනයට සමගාමීව එළඹෙන දෙසැම්බර් 01 වැනිදා සිට පාසල් අභ්‍යාස පොත්වල මිල 18% කින් අඩු කිරීමට ජාතික පොත් ව්‍යාපාරිකයන්ගේ සංගමය තීරණය කර ඇත.ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අයවැය යෝජනා ඉදිරිපත් කරමින් අභ්‍යාස පොත්, මුද්‍රිත පොත්, ශබ්දකෝෂ, විශ්වකෝෂ සහ ළමා චිත්‍ර පොත් ඇතුළු ප්‍රකාශන සඳහා පනවා තිබූ 18% ක වැට් (VAT) බද්ද සම්පූර්ණයෙන් ඉවත් කිරීමට පියවර ගත්තේය. අධ්‍යාපනික උපකරණ දැරිය හැකි මිලකට ලබාදීම සහ කියවීම ප්‍රවර්ධනය කිරීම මෙහි අරමුණ වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් පොත් ප්‍රකාශකයින් මෙන්ම දෙමාපියන් ද සිය ප්‍රසාදය පළ කර තිබේ.



























