ඉන්දියාවේදී පැවැත්වීමට නියමිත 2036 ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙන් අනතුරුව තම ක්‍රීඩා දිවියෙන් ඉවත් වීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංග පවසා ඇත.ඔහුගේ ජීවිත කතාව අළලා රචිත ‘අධිෂ්ඨානයේ රන් සලකුණ – රුමේෂ්’ ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් ක්‍රීඩකයා මේ බව ප්‍රකාශ කළේය. කොළඹ පදනම් ආයතනයේදී පැවැති මෙම ග්රන්ථ එළිදැක්වීමේ උත්සවයට ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වී සිටියහ.



























