22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ පනත් කෙටුම්පත අගෝස්තු 18 දා පාර්ලිමේන්තුවට

උසස් අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ඇතුළු තීරණාත්මක ප්‍රතිසංස්කරණ රැසක් ඇතුළත් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පළමු වර කියවීම සඳහා අගෝස්තු 18 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. අගෝස්තු 7 වැනිදා ගැසට් පත්‍රයේ පළ වූ මෙම යෝජනා මඟින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වා ද, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 දක්වා ද ඉහළ දැමීමට නියමිත අතර, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව 19 සිට 24 දක්වා වැඩි කිරීමට ද යෝජිතය. මීට අමතරව, අගවිනිසුරුවරයා වයස අවුරුදු 67 පිරීම හෝ ධුරයේ වසර 6ක් සම්පූර්ණ වීම යන කරුණු දෙකෙන් පළමුව සිදුවන අවස්ථාවේදී විශ්‍රාම යා යුතු බවට වන නව විධිවිධානයක් ද මීට ඇතුළත් වේ.​ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 වන වගන්තිය ප්‍රකාරව ගැසට් නිවේදනය නිකුත් වී දින 7ක් ගතවීමෙන් පසු මෙම නීතිමය ක්‍රියාවලිය ආරම්භ වේ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පළමු වර කියවීමෙන් අනතුරුව, අදාළ සංශෝධනවල ව්‍යවස්ථනුකූලභාවය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කිරීම සඳහා ජනතාවට දින 14ක කාලයක් හිමිවන අතර එම නීතිමය පියවරෙන් පසුව පනත් කෙටුම්පත් පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පැවැත්වෙනු ඇත.​මෙම පනත් කෙටුම්පත් අතුරින් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයක් අවශ්‍ය වේ. කෙසේ වෙතත්, ඊට සමගාමීව ඉදිරිපත් කෙරෙන අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සාමාන්‍ය පනතක් බැවින් එය සම්මත කර ගැනීමට අවශ්‍ය වන්නේ සරල බහුතර ඡන්දයක් පමණි.

What's your reaction?

Related Posts

1 of 1,276

Leave A Reply

Your email address will not be published. Required fields are marked *