‘V – ප්‍රමිති’ ජාතික වැඩසටහන අද සිට ක්‍රියාත්මකයි

​’Clean Sri Lanka’ ජාතික වැඩසටහනට සමගාමීව සහ ජාතික සුපිළිපන් සතිය නිමිත්තෙන් විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය සංවිධානය කරන ‘V – ප්‍රමිති’ ජාතික වැඩසටහන අද (28) පිටකොටුවෙන් ආරම්භ වේ. පාරිභෝගික සුරක්ෂිතතාව තහවුරු කිරීම සහ ප්‍රමිතියෙන් තොර භාණ්ඩ වෙළඳපොළට ඒම වැළැක්වීම මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණයි.​මෙම විශේෂ වැඩසටහන යටතේ පිටකොටුව පොදු වෙළඳපොළේ වෙළඳසල් පරීක්ෂාවට ලක් කෙරෙන අතර, එහිදී වීදි ආහාර, පොල්තෙල්, සෙල්ලම් බඩු, හකුරු සහ පැණි වර්ග, රූපලාවණ්‍ය ද්‍රව්‍ය මෙන්ම විදුලි උපකරණවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා අදාළ සාම්පල ලබා ගැනීමට නියමිතව ඇත.​පාරිභෝගික අතට උසස් තත්ත්වයේ ගුණාත්මක භාණ්ඩ ලබා දීමත්, ඊට අමතරව ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන නිර්මාණය කිරීම සඳහා දේශීය ව්‍යවසායකයින් උනන්දු කරවීමත් මෙහි අනෙකුත් අපේක්ෂාවන් වේ.

What's your reaction?

Related Posts

1 of 1,257

Leave A Reply

Your email address will not be published. Required fields are marked *