අගෝස්තු මස හොඳම ICC ක්‍රීඩකයා ලෙස සොනාල් දිනූෂ නම් කෙරේ

2026 අගෝස්තු මාසයට අදාළ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) හොඳම පිරිමි ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ශ්‍රී ලංකාවේ සොනාල් දිනූෂ නම් කර තිබේ. ඔහු මෙම සම්මානය දිනාගත් පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.​ඉන්දියාවට එරෙහිව පැවති ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපී පෙනෙන දස්කම් දැක්වූ ඔහු, තරගාවලියේ වැඩිම ලකුණුලාභියා බවට පත්වෙමින් ලකුණු 420ක් රැස් කළේ 140ක විශිෂ්ඨ සාමාන්‍යයක් රඳවා ගනිමිනි. එම ලකුණු සංඛ්‍යාවට ශතක තුනක් සහ අර්ධ ශතකයක් ඇතුළත් වූ අතර, විශේෂයෙන්ම දෙවන ටෙස්ට් තරගයේ ඉනිම් දෙකේදීම ශතක වාර්තා කරමින් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට දැවැන්ත මෙහෙයක් ඉටු කළේය.

What's your reaction?

Related Posts

1 of 1,352

Leave A Reply

Your email address will not be published. Required fields are marked *