අඟුරුවාතොට, පාතගොඩ ප්රදේශයේ පිහිටි පෞද්ගලික වැඩිහිටි සාත්තු නිවාසයක මෑතකදී ඇති වූ බිහිසුණු ගින්නකින් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත් විය. මෙම ඛේදවාචකය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කළ පොලිස් නිලධාරීන් විසින් අදාළ පෞද්ගලික ආයතනයේ හිමිකරුවාව සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.මේ වන විට පොලිස් භාරයේ පසුවන සැකකාර හිමිකරු ඉදිරි නීතිමය පියවර සඳහා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වගකිවයුතු නිලධාරීන් තහවුරු කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



























