ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළව තමන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ පවතින නඩුව අභියෝගයට ලක් කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ අභියාචනා පෙත්සම ඉල්ලා අස්කරගෙන තිබේ.ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නඩුවට අදාළ නියෝගයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබීම හේතුවෙන් මෙම අභියාචනය ඉල්ලා අස්කර ගන්නා බව ඔහුගේ නීතිඥවරු අධිකරණයට දන්වා ඇත.මෙම නඩුකරයේ ඉදිරි නීතිමය පියවරයන් අධිකරණයේ තීරණ මත ඉදිරියට සිදුවනු ඇත.

























