අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා ගෝඨාභය රාජපක්ෂගෙන් පෙත්සමක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන විමර්ශනවලට අදාළව, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (16) අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබේ.​හිටපු ජනාධිපතිවරයා සිය පෙත්සම මගින් පෙන්වා දෙන්නේ සිදුවෙමින් පවතින විමර්ශනවලට මුවා වෙමින් කිසියම් පාර්ශවයක් තමන්ව අත්අඩංගුවට ගැනීමට සූදානමකින් පසුවන බවයි. එලෙස පදනමකින් තොරව තමන්ව අත්අඩංගුවට ගැනීමට කටයුතු කළහොත් එය නීති විරෝධී ක්‍රියාවක් වනවා මෙන්ම ස්වභාවික යුක්ති ධර්මයට සහ මූලික අයිතිවාසිකම්වලට පටහැනි බව ද ඔහු තර්ක කරයි.​මෙම ගොනු කරන ලද පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් නම් කර ඇත. ඉදිරි දිනකදී මෙම පෙත්සම සලකා බැලීම සඳහා විනිසුරු මඩුල්ල හමුවේ කැඳවීමට නියමිතය.

What's your reaction?

Related Posts

1 of 1,191

Leave A Reply

Your email address will not be published. Required fields are marked *