දිවයිනට ඇදහැලෙන අධික වැසි සහිත කාලගුණයත් සමඟ කළු, නිල්වලා, ගිං, වලවේ, කුඩා ගඟ සහ අත්තනගලු ඔයේ ජල මට්ටම් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ගිං ගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා බද්දේගම, තවලම, නාගොඩ සහ වැලිවිටිය – දිවිතුර ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් මතුව ඇත.පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රධාන මාර්ග කිහිපයකට පස් කඳු කඩා වැටීම නිසා ගමනාගමනයට බාධා එල්ල වී තිබේ. ඇල්ල – පස්සර මාර්ගයේ මාවුස්සාගොල්ල ප්‍රදේශයෙන් පස් කන්දක් කඩා වැටීම ඉන් එකකි.එමෙන්ම හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයට කුඩාගම ප්‍රදේශයේදී පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට ද බාධා එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තහවුරු කරයි.



























