අමරපුර මහා නිකායේ වාර්ෂික උපසම්පදා විනය කර්මය ඇරඹෙයි

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මෙවර උපසම්පදා විනය කර්මය ඓතිහාසික කළුතර බෝධි පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් අද (10) උත්කර්ෂවත් අන්දමින් ආරම්භ විය. මහානායක හිමිවරුන් ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ සහ ප්‍රභූන් ඇතුළු විශාල බැතිමතුන් පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම පින්කම ආරම්භ වූ අතර, එය ලබන 22 වනදා දක්වා අඛණ්ඩව පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.​මෙම පින්කමේදී අමරපුර මහා නිකායට අයත් පාර්ශ්ව 22ක් නියෝජනය කරමින් සාමනේර ස්වාමීන්වහන්සේලා 400 නමකට ආසන්න පිරිසක් උපසම්පදා ශීලයෙහි පිහිටුවීමට නියමිතය. විනය කර්මයට සමගාමීව, කළු ගඟ මධ්‍යයේ විශේෂයෙන් ඉදිකරන ලද උදකුක්ඛේප සීමාමාලකය වෙත උපසම්පදාලාභී සාමනේර භික්ෂූන් වහන්සේලා වර්ණවත් පෙරහැරකින් වැඩම කරවීම ද මෙහිදී සිදු කෙරුණි.​සාම්ප්‍රදායික බෞද්ධ චාරිත්‍ර අනුගමනය කරමින් උසස් අන්දමින් සංවිධානය කර ඇති මෙම උපසම්පදා මහෝත්සවය, මෙරට ශාසනික ඉතිහාසයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇත.

What's your reaction?

Related Posts

1 of 1,230

Leave A Reply

Your email address will not be published. Required fields are marked *