මඩකලපුව ප්‍රදේශයේ පිහිටි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් තම රාජකාරියේ නියුතු වෙමින් සිටියදී ඔවුන්ගේ රාජකාරියට බාධා සිදුකළ බවට එල්ල වූ චෝදනාවක් මත, පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් මඩකලපුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.පොලිස් භාරයට ගත් උන්වහන්සේ ඉදිරි නීතිමය කටයුතු සිදු කිරීම සඳහා මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.



























