අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරුන් පත්කෙරේ

රජයේ අමාත්‍යාංශ දෙකක් සඳහා නව ලේකම්වරුන් දෙදෙනෙකු පත් කිරීමට පියවර ගෙන තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී භාර දුන් බවයි.​මෙම නව පත්වීම්වලට අනුව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් ධුරයට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන නීතිඥ රෝෂන් ගමගේ මහතා පත්කර ඇත.​එමෙන්ම මීට පෙර ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරී ටී.ආර්.ඩබ්ලිව්.එස්. ධනපාල මහතා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ස්ථාන මාරු කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,415

Leave A Reply

Your email address will not be published. Required fields are marked *