අමෙරිකා-ඉරාන උණුසුම පහව යාමත් සමඟ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අඩුවීමක්

අමෙරිකාව සහ ඉරානය අතර පැවැති හමුදාමය උණුසුම්කාරී වාතාවරණය හා එල්ල වූ ප්‍රහාර තාවකාලිකව නතර කිරීමට පියවර ගැනීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලෙහි කැපී පෙනෙන අඩුවීමක් වාර්තා වේ. මැදපෙරදිග කලාපයේ බලශක්ති සැපයුමට එල්ල වී තිබූ අවදානම ලිහිල් වීම මෙම ක්ෂණික මිල පහත වැටීමට ප්‍රධානතම හේතුව ලෙස වෙළෙඳපොළ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.​ඒ අනුව, පසුගිය බ්‍රහස්පතින්දා ඇමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගිය බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේ වන විට ඩොලර් 92 සීමාවටත් වඩා පහළ ගොස් ඇත. ඊට සමගාමීව ඩබ්ලිව්.ටී.අයි. (WTI) බොරතෙල් බැරලයක මිලද ඇමෙරිකානු ඩොලර් 85 දක්වා පහත බැස තිබේ.​මෙම මිල අඩුවීමට පෙර බ්‍රහස්පතින්දා දිනයේදී WTI බොරතෙල් බැරලයක අගය ඩොලර් 93 ඉක්මවා පැවැති අතර, දෙරට අතර ඇති වූ තාවකාලික සන්සුන්භාවයත් සමඟ ජාත්‍යන්තර තෙල් වෙළෙඳපොළ යථා තත්ත්වයට පත්වෙමින් පවතී.

What's your reaction?

Related Posts

1 of 877

Leave A Reply

Your email address will not be published. Required fields are marked *