චීනයේ පැවැත්වෙන ආසියානු වයස අවුරුදු 23න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත්කර දීමට යොවුන් ක්‍රීඩක අයෝමාල් අකලංක සමත් විය. එහිදී මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වට ඉදිරිපත් වූ ඔහු, තත්පර 49.03ක දක්ෂතාවයක් දක්වමින් තරගයේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය.මෙම කැපී පෙනෙන ජයග්‍රහණයත් සමඟ මෙරට මලල ක්‍රීඩා ඉතිහාසයේ වසර 26ක් පුරා නොබිඳී තිබූ ජාතික වාර්තාවක් ද අලුත් කිරීමට අකලංකට හැකි විය. මීට පෙර මෙම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කීවේ ප්‍රවීණ මලල ක්‍රීඩක හරිජන් රත්නායකයි.හරිජන් රත්නායක විසින් මීට පෙර මෙම වාර්තාව තබා තිබුණේ 2000 වසරේ අගෝස්තු 31 වැනිදා ජකර්තා නුවර පැවැති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදීය. එදා ඔහු එම තරගය නිමා කිරීමට තත්පර 49.44ක කාලයක් ගෙන තිබූ අතර, අයෝමාල් අකලංක මෙවර එම කාලය තත්පර 0.41කින් පසුකර යමින් නව වාර්තාව තමා සතු කරගත්තේය.























