අහුංගල්ල පොලිස් වසමේ ගල්වෙහෙර ප්‍රදේශයේ නිවෙසක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර අද (04) අලුයම වෙඩි තැබීමක් සිදුව තිබේ. මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ 74 හැවිරිදි පුද්ගලයා වහාම ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇත.පොලිසිය පවසන පරිදි, සැකකරුවන් නිවසේ ජනේලයක් හරහා ගිනිඅවියක් යොමු කර මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, ඒ සඳහා පිස්තෝල වර්ගයේ අවියක් භාවිතා කරන්නට ඇති බවට සැක පළ වේ.අහුංගල්ල පොලිසිය විසින් මෙම සිදුවීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ මාලාවක් ආරම්භ කර ඇති අතර, ප්‍රහාරයේ වගකිවයුතු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය විමර්ශන ක්‍රියාත්මකයි.



























