අහුංගල්ලේදී පුද්ගලයෙකුට වෙඩි තැබූ සැකකරු ගිනිඅවියත් සමඟ අල්ලා ගනියි

අහුංගල්ල, ගල්වෙහෙර ප්‍රදේශයේ නිවසක සිටි 74 හැදි පුද්ගලයෙකුට ඊයේ (04) අලුයම සිදු කළ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් සැකකරුවෙක් පොලිස් භාරයට ගෙන ඇත. තුවාල ලැබූ වයසක පුද්ගලයා ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.​එම දහවල් කාලයේදීම ක්‍රියාත්මක වූ පොලිසිය, අහුංගල්ලේ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි සැකකරු ගල්වෙහෙර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම් මත වෙඩි තැබීමට භාවිත කළ පිස්තෝල අවිය ද සොයා ගැනීමට හැකි වී ඇති අතර, ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මඟින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

What's your reaction?

Related Posts

1 of 1,363

Leave A Reply

Your email address will not be published. Required fields are marked *