වත්මන් රජය ක්‍රියාත්මක කරන නීතිමය පියවර දැඩි ලෙස විවේචනය කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසන්නේ, “නීතිය කාටත් එක හා සමානයි” යන පාඨය හුදෙක් ජනතාව මුළා කිරීම සඳහා පමණක් භාවිත වන්නක් බවයි. ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා සම්බන්ධයෙන් සිදුවන ක්‍රියාවලිය පෙන්වා දෙමින් ඔහු කියා සිටියේ, මේ හරහා ඉතා පැහැදිලිවම ගෝලීය කොටි ජාලය සතුටු කරන දේශපාලන දඩයමක් සිදුවන බවයි. මීට පෙරද හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගෙතැන්න සහ බුද්ධි අංශ ප්‍රධානීන් සිරගත කළ බවත්, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා තවමත් අසත්‍ය චෝදනා මත රඳවා තබාගෙන සිටින බවත් ඔහු සිහිපත් කළේය.රටේ පොදු ජනතාව මුහුණ දෙන සැබෑ ප්‍රශ්න විසඳීමට වත්මන් පාලනය අසමත්ව ඇති බව වීරවංශ මහතා මෙහිදී අවධාරණය කළේය. මහනුවරට දුම්රියක් ධාවනය කරවා ගැනීමට හෝ නිසි වැඩපිළිවෙළක් නොමැතිව, පැරණි බස් නැවතුම්පොළවල තීන්ත ගෑම වැනි සුළු දේවලින් තමන් වැඩ කරන බව පෙන්වීමට ආණ්ඩුව උත්සාහ කරන බවටද ඔහු උපහාසාත්මකව චෝදනා කළේය. එවැනි පසුබිමක, තමන් වැඩ කරන බව සමාජයට පෙන්වීමට ආණ්ඩුව මෙලෙස දේශපාලන මර්දනයන් උපයෝගී කරගන්නා බව ඔහුගේ අදහසයි.ඉදිරියේදී රජයේ දේශපාලන බලයට අභියෝගයක් හෝ තර්ජනයක් විය හැකි යැයි උපකල්පනය කරන දේශපාලනඥයන් මෙන්ම රට වෙනුවෙන් පෙනී සිටි රණවිරුවන් ඉලක්ක කර ගනිමින් මෙම මර්දනකාරී වැඩපිළිවෙළ මුදාහැර ඇති බවද විමල් වීරවංශ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.



























