රජය විසින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ක්‍රමයෙන් දුර්වල කරමින් ඒකාධිපති පාලන රටාවකට රට ගෙන යමින් සිටින බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරයි. ලුණුගම්වෙහෙර නව නගරයේ පැවති ජන හමුවක් අමතමින් ඒ මහතා පෙන්වා දුන්නේ වර්තමාන පාලනය පුරවැසි දායකත්වය සීමා කිරීමේ සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි.තවදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා සඳහන් කළේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය, යෞවන සමාජ නිලවරණ සහ සිවිල් ආරක්ෂක කමිටු ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී යාන්ත්‍රණ අඩපණ කරමින් රජය තනි මතයට කටයුතු කරන බවයි. සදාකාලිකවම එකම පක්ෂයක ආධිපත්‍යය රඳවා ගැනීම වර්තමාන පාලකයන්ගේ අපේක්ෂාව වී ඇති බවද හෙතෙම එහිදී වැඩිදුරටත් කියා සිටියේය.



























