ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස ආචාර්ය ජේ. ජී. එල්. එස්. ජයවර්ධන මහතා පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පියවර ගෙන තිබේ. මෙම පත් කිරීමට අදාළ නිල ලියකියවිලි ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (ජූලි 01) පස්වරුවේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් භාර දෙන ලදී.ආචාර්ය ජයවර්ධන මහතා රාජ්‍ය අංශයේ දිගුකාලීන අත්දැකීම් සහිත නිලධාරියෙකි. මීට පෙර ඔහු මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අධ්යක්ෂ ජනරාල්වරයෙකු ලෙස කටයුතු කරමින් ආයතනික කටයුතු පිළිබඳ වගකීම් දැරීය.රටේ ආයෝජන ක්ෂේත්රය ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම පත් කිරීම සිදු කර ඇති අතර, නව තනතුරේ රාජකාරි කටයුතු ඔහු විසින් ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිතය. සිය වෘත්තීය අත්දැකීම් ඔස්සේ ආයෝජන මණ්ඩලයේ ඉදිරි වැඩපිළිවෙල මෙහෙයවීම ඔහුගේ වගකීම වනු ඇත.

























