ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක කීර්තිය ගෙනදුන් දක්ෂ ක්‍රීඩක රුමේෂ් තරංග පතිරණගේ වෙත නවීන පන්නයේ Honda Vezel මෝටර් රථයක් තිළිණ කර තිබේ. ඔහුගේ අන්කල්පිත ක්‍රීඩා දක්ෂතාව මෙන්ම රටට අත්කර දුන් විශිෂ්ට ජයග්‍රහණය අගය කිරීම මෙහි අරමුණ විය.මෙම උපහාරය ප්රදානය කිරීමේ විශේෂ අවස්ථාව සඳහා ක්‍රීඩා ක්ෂේත්රයේ ප්‍රමුඛයන් මෙන්ම ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරමින් පිරිසක් එක්ව සිටියහ. ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය තුළ ශ්‍රී ලංකා නාමය ඉහළට ඔසවා තැබූ ක්‍රීඩකයින් ඇගයීමට ලක් කිරීම අනාගත පරපුරට මහත් දිරිගැන්වීමක් වනු ඇත.



























