ශ්රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි සුන්දර ආරුගම්බේ වෙරළ තීරය ආසියාවේ හොඳම සහ වඩාත්ම ආකර්ෂණීය වෙරළ තීරය ලෙස සම්මානයට පාත්ර වී තිබේ. ‘Conde Nast Traveler Readers’ විසින් 2026 වසර වෙනුවෙන් සංවිධානය කරන ලද නවතම පාඨක සමීක්ෂණයට අනුව මෙම ජයග්රහණය හිමිව ඇත.දේශීය මෙන්ම විදේශීය සංචාරකයින් අතර මහත් ජනප්රියත්වයක් උසුලන ආරුගම්බේ වෙරළ තීරය, විශේෂයෙන්ම රළ මත ලිස්සා යාමේ (Surfing) ක්රීඩාව සඳහා ලොව පුරා ප්රසිද්ධියක් උසුලයි. මෙම ජාත්යන්තර ඇගයීම ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්රගමනයට විශාල රුකුලක් වනු ඇත.



























