ශ්රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ආබාධයකට ලක්වීම හේතුවෙන් ඉදිරියේදී පැවැත්වෙන පාකිස්ථානයට එරෙහි තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදුව ඇති බව වාර්තා වේ. ඔහු මුහුණ දී සිටින ආබාධ තත්ත්වය තවමත් යථා තත්ත්වයට පත්ව නොමැති වීම මෙයට හේතුවයි.මීට පෙර පැවැති විස්සයි20 තරගාවලියෙන් ද ආබාධය හේතුවෙන් ඉවත් වීමට පැතුම්ට සිදුවිය. ඔහුගේ අඩුව පියවීම සඳහා විස්සයි20 තරගාවලිය නියෝජනය කළ ලහිරු උදාර එක්දින සංචිතයට කැඳවීමට ක්රිකට් තේරීම් කමිටුවේ අවධානය යොමුවී ඇත.



























