බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වෙමින් පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයිනේ කාලගුණයේ හදිසි වෙනස්කම් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම වායුගෝලීය විපර්යාසය ඉදිරියේදී පීඩන අවපාතයක් දක්වා තීව්ර වීමට ඉඩ ඇති බව එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අජිත් විජේමාන්ග මහතා පවසයි.ඒ අනුව, එළඹෙන නොවැම්බර් 15, 16 සහ 17 යන දිනවලදී මෙම තත්ත්වයේ සෘජු බලපෑම ශ්‍රී ලංකාවට එල්ල වනු ඇතැයි අපේක්ෂා කෙරේ. විශේෂයෙන්ම උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ කැපී පෙනෙන වර්ධනයක් සිදුවනු ඇති බවට අනතුරු අඟවා තිබේ.මෙම තත්ත්වය හමුවේ අදාළ ප්‍රදේශවල ජනතාවට සහ සංචාරකයන්ට විමසිලිමත් වන ලෙස බලධාරීන් ඉල්ලා සිටී. වර්ෂාවත් සමඟ ඇතිවිය හැකි අවදානම් තත්ත්වයන් මඟහරවා ගැනීමට අවශ්‍ය පූර්ව සූදානමින් පසුවන ලෙස ද වැඩිදුරටත් දන්වා ඇත.



























