සිය ඉල්ලීම් කිහිපයකට මෙතෙක් නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය විසින් කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් දියත් කර තිබේ. පෞද්ගලික ආයතන තුනකට අයත් බෙදුම්කරුවන්ගේ සාමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.පෞද්ගලික අංශයට අයත් ඉන්ධන පිරවුම්හල් වෙත බාධාවකින් තොරව අඛණ්ඩව ඉන්ධන සැපයීම සිදුකරන ලෙස ඔවුහු ප්‍රධාන වශයෙන් ඉල්සා සිටියහ. එසේම, මීට පෙර පැවති සියයට 3.6ක කොමිස් මුදල හදිසියේ සියයට 1.5 දක්වා අඩු කිරීමට එරෙහිව ද ඔවුන් සිය විරෝධය ප්‍රකාශ කළහ.මෙම ගැටලු විසඳීම සඳහා ඉන්ධන මිල සූත්‍රය විධිමත් ලෙස නියාමනය කිරීමට නිසි බලධාරියෙකු පත් කරන ලෙසද විරෝධතාකරුවන් අවධාරණය කළහ. අදාළ බලධාරීන් මෙම ඉල්ලීම් කෙරෙහි කඩිනමින් අවධානය යොමු කරනු ඇතැයි ඔවුහු අපේක්ෂා කරති.



























