ලොව පුරා ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින එල් නිනෝ කාලගුණික විපර්යාසය අපගේ ජීවිත කාලය තුළ වාර්තා වන දැවැන්තම සහ ප්රබලතම තත්ත්වය බවට පත්විය හැකි බව බ්‍රිතාන්‍ය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම ස්වාභාවික සංසිද්ධිය හරහා ගෝලීය උෂ්ණත්වය තවදුරටත් ඉහළ නංවන අතරම, ලෝකය පුරා දේශගුණික ආන්තික තත්ත්වයන් පුළුල් වීමේ දැඩි අවදානමක් නිර්මාණය වී ඇති බවයි.සාමාන්‍ය පරිසර තත්ත්වයන් මෙන්ම මානව ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන දේශගුණික විපර්යාසවල අහිතකර බලපෑම්ද මෙම ස්වාභාවික ක්‍රියාවලියට එකතු වී තිබේ. මෙම එකතුවූ බලපෑම් හේතුවෙන් ඉදිරි වසර වන විට ගෝලීය වශයෙන් උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.විශේෂයෙන්ම, මෙම තත්ත්වය අඛණ්ඩව වර්ධනය වීමත් සමඟ 2027 වසර ලෝක ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ උණුසුම්ම වසර බවට පත්වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව බ්‍රිතාන්‍ය කාලගුණ විද්‍යාඥයෝ වැඩිදුරටත් සඳහන් කරති.



























