එල්.පී.එල්. අවසන් මහා තරගය නොමිලේ නැරඹීමට ක්‍රිකට් ලෝලීන්ට අවස්ථාව

​ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ ගෝල් ගැලන්ට්ස් සහ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම් අතර පැවැත්වෙන අවසන් මහා තරගය නොමිලේ නැරඹීමේ පහසුකම ප්‍රේක්ෂකයින්ට ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. මෙම තීරණයට අනුව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ C Upper, C Lower, D Upper සහ D Lower යන ප්‍රේක්ෂකාගාර කොටස් සියල්ල මහජනතාව වෙනුවෙන් නොමිලේ විවෘත කිරීමට නියමිතය. ​අද (08) රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිත මෙම තීරණාත්මක තරගය සඳහා ක්‍රීඩාංගණ දොරටු පස්වරු 5.30 සිට විවෘත වේ. මීට අමතරව, තරගයට පෙර පැවැත්වෙන විනෝදාත්මක වැඩසටහන් රැසක් මෙන්ම තරගයෙන් අනතුරුව විශේෂ සමාප්ති උත්සවයක් ද සංවිධානය කර ඇත.​මෙලෙස ප්‍රවේශපත්‍ර රහිතව තරගය නැරඹීමට අවස්ථාව සැලසීම හේතුවෙන්, අද රාත්‍රියේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට විශාල ප්‍රේක්ෂක පිරිසක් රැස්වනු ඇතැයි සංවිධායකයින් විශ්වාස කරයි.

What's your reaction?

Related Posts

1 of 1,291

Leave A Reply

Your email address will not be published. Required fields are marked *