“ඔර්නබ්” සුළි කුණාටුව ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශයට

බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක මුහුදේ වර්ධනය වූ “ඔර්නබ්” (Arnab) නමැති ප්‍රබල සුළි කුණාටුව මේ වන විට ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වී ඇති බව කාලගුණ විද්‍යා අංශ වාර්තා කරයි.​මේ හේතුවෙන් උතුරු අක්ෂාංශ 12-20ත් නැගෙනහිර දේශාංශ 80-87ත් අතර මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර 80-100 දක්වා ප්‍රබල සුළං තත්ත්වයක් සහ ගිගුරුම් සහිත තද වැසි ඇති විය හැක. තවද මුහුදු රළ මීටර් 3.0 ත් 4.0 ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි බැවින් මෙම ප්‍රදේශයන්හි මුහුද ඉතා රළු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.​එබැවින් නැවත දැනුම්දෙන තුරු අදාළ මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙසත්, දැනට එම ප්‍රදේශවල නිරතව සිටින පිරිස් වහාම ආරක්ෂිත ස්ථාන වෙත ගමන් කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

What's your reaction?

Related Posts

1 of 1,400

Leave A Reply

Your email address will not be published. Required fields are marked *