බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හරහා ගමන් ගන්නා මගීන්ට වඩාත් පහසු සහ වේගවත් සේවාවක් ලබා දීමේ අරමුණින්, එහි ස්වයංක්‍රීය මගී නිශ්කාශන ගේට්ටු සංඛ්‍යාව 12ක් දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර ඇත. දැනටමත් අනුමත වී ඇති ගේට්ටු 4ට අමතරව තවත් ගේට්ටු 8ක් අලුතින් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.මෙම නවීන පහසුකම මෙතෙක් ශ්‍රී ලාංකික පුරවැසියන්ට පමණක් සීමා වී තිබුණ ද, ඉදිරියේදී හඳුන්වා දීමට නියමිත විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර (E-Passport) ක්‍රියාවලියට සමගාමීව මෙරටට පැමිණෙන සහ පිටවන විදේශිකයන්ට ද මෙය භාවිත කිරීමට අවස්ථාව සැලසීම මෙහි ප්‍රධාන අරමුණකි.සංචාරක හා ව්‍යාපාරික ක්ෂේත්රවල වර්ධනයත් සමඟ ගුවන්තොටුපොළ භාවිත කරන මගීන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බැවින්, මෙම ස්වයංක්‍රීය පද්ධතිය පුළුල් කිරීම මඟින් මගී තදබදය අවම කරගැනීමට විශාල රුකුලක් වනු ඇත.



























