කතානායකට එරෙහි දූෂණ චෝදනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු නිලධාරීන් තිදෙනෙක් අල්ලස් කොමිසමට

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ගොනු කර ඇති දූෂණ චෝදනා පැමිණිල්ලකට අදාළ තොරතුරු ලබා දීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙක් අද (04) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියහ. නියෝජ්‍ය අධ්‍යක්ෂ (පාලන), සහකාර අධ්‍යක්ෂ (මුදල්) සහ ප්‍රවාහන නිලධාර යන මහත්වරුන් මෙලෙස කොමිසම වෙත පැමිණ තිබේ.​මීට පෙර අල්ලස් කොමිසම විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරියට දැනුම් දී තිබුණේ, කතානායකවරයාට ලබා දී ඇති නිල නිවාස, වාහන, ඉන්ධන දීමනා, ආහාරපාන මෙන්ම පෞද්ගලික කාර්ය මණ්ඩල විස්තර ඇතුළු සම්පූර්ණ පහසුකම් වාර්තාවක් වහාම ඉදිරිපත් කරන ලෙසයි.​පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා විසින් පසුගිය පෙබරවාරි මාසයේදී කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ක්‍රියාත්මක වේ. වාහන සහ මාධ්‍ය උපකරණ අවභාවිතය, නීතිවිරෝධී ඉන්ධන දීමනා ලබා ගැනීම, නිසි මුදල් නොගෙවා දිවා ආහාර ලබා ගැනීම සහ නිල නිවාස දෙකක් භාවිත කිරීම ඇතුළු චෝදනා හරහා රජයට රුපියල් කෝටි 30ක පමණ මූල්‍ය පාඩුවක් සිදු කර ඇති බවට එමඟින් චෝදනා කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,315

Leave A Reply

Your email address will not be published. Required fields are marked *