ක්වීන් වික්ටෝරියා කොළඹ වරායට

සුඛෝපභෝගී මගී නෞකාවක් වන ක්වීන් වික්ටෝරියා අද අලුයම කොළඹ වරාය වෙත සේන්දු වුණා.

සිංගප්පූරුවේ සිට පැමිණි මෙම නෞකාවේ මගීන් 1812 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 964 දෙනෙකු සිටිනවා.

බ්‍රිතාන්‍යය සහ ඇමරිකාව යන රටවල සංචාරකයින් පිරිසක් මෙහි ගමන් කරන අතර ඔවුන් අද ගාල්ල, මහනුවර සහ පින්නවල යන ස්ථානවල සංචාරය කිරීමට නියමිතයි.

බර්මියුඩා ධජය යටතේ පැමිණි කුයින් වික්ටෝරියා නෞකාව අද රාත්‍රියේ මොරිෂෂ් දූපත් බලා යළි පිටත්ව යනු ඇති.

What's your reaction?

Related Posts

1 of 1,264

Leave A Reply

Your email address will not be published. Required fields are marked *