රාජ්ය සේවයේ නියුතු නිලධාරීන් සඳහා ගෙවනු ලබන වාර්ෂික වැටුප් වර්ධකයේ අගය සියයට 80කින් ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ.මෙම නව වැටුප් සංශෝධනයට අනුව, මෙතෙක් රුපියල් 250ක්ව පැවති රාජ්ය සේවයේ අවම වාර්ෂික වැටුප් වර්ධකය රුපියල් 450ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, උපරිම වාර්ෂික වැටුප් වර්ධකය රුපියල් 5,300ක් දක්වා වැඩි කිරීමටද කටයුතු කර ඇත.



























