කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවලට නායයෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ

අඛණ්ඩව පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා මීට පෙර නිකුත් කර තිබූ පළමු අදියරේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. මෙම නව කාල සීමාව අද (24) පස්වරු 4.00 සිට හෙට (25) පස්වරු 4.00 දක්වා බලාත්මක වනු ඇත.​ඒ අනුව, කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, දැරණියගල, රුවන්වැල්ල, දෙහිඕවිට, අරණායක සහ යටියන්තොට යන ප්‍රදේශවලට මෙන්ම නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ නෝර්වුඩ් කොට්ඨාසවල ජනතාවට දැඩි අවධානයෙන් සිටින ලෙස දැනුම් දී ඇත. මීට අමතරව, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කුරුවිට සහ ඇලපාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පදිංචිකරුවන්ට ද ඉදිරි පැය කිහිපය තුළ කාලගුණික තත්ත්වය පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස උපදෙස් ලබා දී තිබේ.​අදාළ කලාපවල කඳු ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වන ජනතාව පස් කඩා වැටීමේ අවදානම් තත්ත්වයන් පිළිබඳව සැලකිලිමත් විය යුතු අතර, අනපේක්ෂිත අවදානම් මඟහරවා ගැනීම සඳහා ආරක්ෂිත ස්ථාන වෙත යොමු වීමට සූදානම් වන ලෙස ආපදා කළමනාකරණ අංශ වැඩිදුරටත් කාරුණිකව ඉල්ලා සිටියි.

What's your reaction?

Related Posts

1 of 1,394

Leave A Reply

Your email address will not be published. Required fields are marked *