කුඩු සලිඳුගේ මුදල් එකතු කළ යුවළක් ලක්ෂ 63ක් සහ හෙරොයින් සමඟ අල්ලා ගනී

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘පානදුර කුඩු සලිඳු’ගේ ජාලයේ මූල්‍ය කටයුතු මෙහෙයවූ ප්‍රධාන පෙළේ සැකකරුවෙකු සහ ඔහුගේ බිරිඳ ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රත්මලාන ගුවන්තොටුපොළ හංදිය අසලදී සිදු කළ මෙම වැටලීමේදී, මත්ද්‍රව්‍ය බෙදාහරිමින් සිටි මෙම යුවළ සතුව තිබී රුපියල් ලක්ෂ 63ක මුදලක් සහ හෙරොයින් මිලිගෑම් 15,055ක් පොලිස් භාරයට ගෙන ඇත.​සැකකරුවන් සතුව තිබී මුදල් ගණින යන්ත්‍රයක්, විද්‍යුත් තරාදියක් සහ ස්කූටර් වර්ගයේ යතුරුපැදියක් ද සොයාගෙන තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මෙම මුදල් එකතු කිරීමේ ජාලය මෙහෙයවූ ආකාරය පිළිබඳව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය මේ වන විට වැඩිදුර විමර්ශන පවත්වයි.

What's your reaction?

Related Posts

1 of 1,369

Leave A Reply

Your email address will not be published. Required fields are marked *