කුරුඳු අපනයන ආදායම රුපියල් කෝටි 4,000 ඉක්මවයි

මෙම වසරේ මුල් මාස හය තුළ කුරුඳු සහ කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීමෙන් රුපියල් කෝටි 4,000කට අධික වාර්තාගත ආදායමක් උපයා ගැනීමට සමත්ව තිබේ. කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, පසුගිය වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව මෙම ඉපැයීම ඇමෙරිකා ඩොලර් මිලියන 25ක වර්ධනයක් සනිටුහන් කරන බවයි.​දේශීය වගාකරුවන්ට ඉතිහාසයේ මෙතෙක් වාර්තා වූ ඉහළම මිල ගණන් හිමිවෙමින් පවතින අතර, ඇල්බා ශ්‍රේණියේ කිලෝවක් රුපියල් 7,500ක් වැනි මිලකටත්, සී5 ශ්‍රේණියේ කිලෝවක් රුපියල් 5,500ත් 6,000ත් අතර මුදලකටත් අලෙවි වේ. කර්මාන්තයේ මෙම ස්වර්ණමය යුගයත් සමඟ වසර අවසන් වන විට අපනයන ආදායම ඇමෙරිකා ඩොලර් මිලියන 300 දක්වා ඉහළ නංවා ගැනීමට හැකි වනු ඇතැයි පුරෝකතනය කර ඇත.​මෙම කර්මාන්තයේ ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය විසින් රුපියල් ලක්ෂ 2,500ක ප්‍රතිපාදන වෙන් කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,280

Leave A Reply

Your email address will not be published. Required fields are marked *