කුවේට් ගුවන් සීමාව වසා දැමීමෙන් අතරමං වූ ශ්‍රී ලංකන් යානා යළි දිවයිනට

මැදපෙරදිග කලාපයේ හටගත් උණුසුම්කාරී වාතාවරණය හේතුවෙන් කුවේට් රාජ්‍යය සිය ගුවන් සීමාව තාවකාලිකව වසා දැමීමත් සමඟ, එම ගුවන් කලාපය හරහා ගමන් ගනිමින් තිබූ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යූ.එල්.-229 සහ යූ.එල්.-253 දරණ ගුවන් යානා දෙකකට ගුවනේ රැඳී සිටීමට සිදු විය. පැයකට වැඩි කාලයක් ගුවනේ පියාසර කළ මෙම යානා දෙක, කුවේට් සිටි සහ දමාම් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ආරක්ෂිතව ගොඩබස්වීමට නියමුවන් පියවර ගත්තේය.​කෙටි කාලයකට පසුව කුවේට් ගුවන් සීමාව නැවත විවෘත කිරීමත් සමඟ, අදාළ ගුවන් යානා දෙක මගීන් ද රැගෙන යළි සිය ගමනාන්තය බලා පිටත්විය. එම ගුවන් යානා දෙක අද උදෑසන කිසිදු ගැටලුවකින් තොරව කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත නිරුපද්‍රිතව ළඟා වූ බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග තහවුරු කරයි.

What's your reaction?

Related Posts

1 of 1,237

Leave A Reply

Your email address will not be published. Required fields are marked *