ඉදිරි දිනවලදී වර්ෂාපතනය ඉහළ යා හැකි බැවින් කොළඹ නගරයේ වැසි ජලය බැසයාම විධිමත් කිරීම සඳහා ඉදිරි සති දෙක තුළ ඇළ මාර්ග සහ කාණු පද්ධති කඩිනමින් සුද්ධ පවිත්‍ර කරන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත. නාරාහේන්පිටදී පැවැත්වුණු කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමින් ඇය මේ බව පැවසුවාය.මෙහිදී කානු පද්ධති පවිත්‍ර කිරීමේදී පවතින තාක්ෂණික නිලධාරීන්ගේ හිඟය සහ ඇස්තමේන්තු සකස් කිරීමේ අභියෝග පිළිබඳව ප්‍රාදේශීය ලේකම්වරුන් සහ වාරිමාර්ග නිලධාරීන් විසින් අග්‍රාමාත්‍යවරිය දැනුවත් කරන ලදී. මීට අමතරව 2026 වර්ෂය සඳහා කොළඹ දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත ග්‍රාමීය මාර්ග සංවර්ධනය, ආපදා කළමනාකරණය, ක්‍රීඩා අලංකරණය සහ ප්‍රජා සවිබල ගැන්වීමේ ව්‍යාපෘති පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.එසේම දිළිඳු බව තුරන් කිරීමේ “ප්‍රජා ශක්ති” ජාතික වැඩසටහන වෙනුවෙන් රුපියල් මිලියන 1,117.53 ක් වෙන් කර ඇති බවත්, විකේන්ද්‍රගත ප්‍රාග්ධන අයවැය යටතේ පවුල් 184,775 කට සේවය සැලසෙන ව්‍යාපෘති 281 ක් ක්‍රියාත්මක වන බවත් අනාවරණය විය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වී සිටියහ.
























